
පාර්ලිමේන්තුවේ සියලූම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිිවකට සියයට 50 ක ඡුන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලූදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 2023 – 2024 ජාතික නීතීඥ සමුළුව නුවරඑළියේදී අමතමින්.
තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබද විශ්වාසය කඩවී ඇති බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ.
නීතිය හා සාමය දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ‍්‍රී ලංකාව මුලූමනින්ම මිදී ඇති බව නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ මෙම සමස්ත ක‍්‍රියවලිය සාර්ථක කරගැනීම සදහා ඉදිරියේදී විශාල කැපකිරීම් කළ යුතු බවයි.