
අද මධ්‍යම රාත‍්‍රියේ සිට ගෑස් මිල අඩුකිරීමත් සමඟ ආපනශාලාවල ආහාර මිල ගණන් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ ප්ලේන් ටී එකක මිල රුපියල් 30 ක් කරමින් ගැසට් නිවේදයක් නිකුත් කළ යුතු බවයි.
කිලෝග‍්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 452 කින් අඩු කරන බව ලිට්‍රෝ සමාගම ප‍්‍රකාශ කළා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ ඒ අනුව එහි නව මිල රුපියල් 3,186ක් බවයි.
එමෙන්ම නව මිල සංශෝධනයට අනුව කිලෝග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 1,281 ක්.
කිලෝග‍්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 83 කින් අඩු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 598 ක් වන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියා.
මීට පෙරද අවස්ථා ගණනාවකදී ගෑස් මිල සංශෝධනය වුණා. එහෙත් ඊට සාපේකෂ්ව ආපනශාලාවල බත් පැකැට්ටුව, ප්ලේන්ටිය සහ කෙටි ආහාරවල මිල ගණන් පහත හෙළීමට ආපනශාලා හිමියන් කටයුතු කර තිබුණේ නැහැ. මෙවරද ගෑස් මිල රුපියල් 452 කින් අඩුකර ඇති බැවින් ආපනශාලා හිමියන් සිය නිෂ්පාදන අඩුකළ යුතු බවටයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.
එසේ නොමැතිවුවහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊට මැදිහත්වී එම ආහාර සදහා මිල පැනවීමක් සිදුකළ යුතු බවටයි ඔහු කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේ.