/
/
title icon
සජිත් “ජනපතිවරණය” මේ වසරට ඉල්ලයි
සජිත් “ජනපතිවරණය” මේ වසරට ඉල්ලයි
Editor
1 year ago
Share:
සජිත් “ජනපතිවරණය” මේ වසරට ඉල්ලයි

මුදල් විශුද්ධිකරණය සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ‍්‍රී ලංකාවේ මීළඟ ප‍්‍රවේශය නුදුරේදීම ක‍්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණි ගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමේ හැකියාව කෙරෙහි එය ඍජුවම බලපානු ලබනවා.

නුවරඑළියේ ඊයේ පැවති ජාතික නීතීඥ සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ සඳහා පවතින නීති රාමුවේ හිඩැස් හඳුනාගැනීම වැදගත් බවයි.

මේ අතර, ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හැකිනම් මේ වසරේ අගභාගයේ පැවැත්වීමට කටයුතු කරන්නැයි තමන් ජනාධිතිවරයාට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පවසනවා.

තිස්සමහාරාම, උද්දකන්දර – සදානීලගම ප‍්‍රදේශයේ අද පැවති වැඩසටහනක ට එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required