/
/
title icon
හේනානිගල වැවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුට
හේනානිගල වැවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුට
Editor
1 year ago
Share:
හේනානිගල වැවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුට

දෙහිඅත්තකණ්ඩිය – හේනානිගල දකුණ වැවේ දියනාමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද උදෑසන දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හබරාදුව – වංචාවල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 17 සහ 19 වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මොවුන් තවත් පිරිසක් සමග ඊයේ වන්දනාවේ පැමිණ දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ ඥාතී නිවසක නතරවී තිබෙනවා.

අනතුරුව ඔවුන් අද උදෑසන දිය නෑම සදහා හේනානිගල දකුණ වැවට පැමිණි අවස්ථාවේදීයි තරුණයන් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

මේ අතර සිය මිතුරන් පිරිසක් සමඟ ඔක්කම්පිටිය කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටින අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required