
කොළඹ නගරයේ ඉපැරණි ගොඩනැගිලිවල පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අදාලව සාකච්ජාවක් ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවැත්වු බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ.
කොළඹ පිහිටි ගෆූර් සහ එයිටි ක්ලබ් ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් ඒ අනුව නවීකරණය කර ආයෝජන සදහා ලබාදීමටයි එහිදි සාකච්ජා වී ඇත්තේ.
මෙරට පෞරාණික ගොඩනැගිලි බොහෝමයක් නිසි නඩත්තුවක් නොමැතිව විනාශ මුඛයට යන බැවින් ඒවා නවීකරණය කර ආයෝජන සදහා යොදා ගැනීමට කටයුතු සිදුකරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.