/
/
title icon
දරුවන්ට “ශ්වසන රෝග” වැළදීමේ අවදානමක්
දරුවන්ට “ශ්වසන රෝග” වැළදීමේ අවදානමක්
Editor
1 year ago
Share:
දරුවන්ට “ශ්වසන රෝග” වැළදීමේ අවදානමක්

පවතින වැසි තත්ත්වය හමුවේ දරුවන් හට ශ්වසන රෝග වැළදීම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ හේතුවෙන් ඒ පිළිබද වඩාත් අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප‍්‍රකාශ කළේ.

එමෙන්ම මේ මාසයේ ගතවූ දින පහ තුළ ඩෙංගු රෝගීන් 1221 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් දෛනිකව ඩෙංගු රෝගීන් 400 ක පමණ සංඛ්‍යාවක් වාර්තා වෙමින් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර, බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලටත්, ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවලටත් තවදුරටත්් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම වැසි ඇතිවනවිට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි.

මේ අතර පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත‍්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required