/
/
title icon
“හෙමින් දැම්මාට” ඇෆ්ගනිස්ථානයට දඩ
“හෙමින් දැම්මාට” ඇෆ්ගනිස්ථානයට දඩ
Editor
1 year ago
Share:
“හෙමින් දැම්මාට” ඇෆ්ගනිස්ථානයට දඩ

සූරියවැව ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව සමග පසුගිය දෙවනදා පැවති පළමු එක්දින තරගයේදි නියමිත කාල සීමාව තුළදී පන්දු නොයැවීම හේතුවෙන් අෆ්ගනිස්ථාන කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 20 දඩයක් පනවා තිබෙනවා.

එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල විසින් අදාල දඩ මුදල පනවා ඇති අතර එය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක හස්මතුල්ලා සහිදි විසින් පිළිගෙන ඇති බව සඳහන්.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා. දෙරට අතර තරගාවලියේ අවසන් එක්දින තරගය අනිද්දා පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required