/
/
title icon
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කෙරේ
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කෙරේ
Editor
1 year ago
Share:
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කෙරේ

සමස්ත ලංකා දෙමළ කොංගස‍්‍රයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර යාපනයේදී ඇතිවු බහින්බස් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි අධිකරණයට අද කරුණු වාර්තා කෙරුණා.

පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයා යාපනය – වඩමාරච්චි නැගෙනහිර ප‍්‍රදේශයේ ජන හමුවකට පසුගිය 02වනදා සහභාගි වු අවස්ථාවේ මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වුණා.

ඒ එම ජනහමුව පැවති ස්ථානයේ සිටි බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකු හා මන්ත්‍රීවරයා අතරයි.

මෙහිදි එම ස්ථානයට යාබදව සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් පැවති අතර එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සමගයි මන්ත්‍රීවරයා බහින්බස්වීමක් ඇති කරගෙන තිබුණේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චි අධිකරණයට අද පෙවරුවේ කරුණු වාර්තා කෙරුණා.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක්ද කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required