/
/
title icon
ඇෆ්ගන් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්
ඇෆ්ගන් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්
Editor
1 year ago
Share:
ඇෆ්ගන් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ හම්බන්තොට – සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේ අද පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟය කඩුළු 09 කින් ජයගැනීමත් සමඟයි.

මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 22 යි පන්දු 02 ක් තුළ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116 ක් පමණයි.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 07 කට කඩුලූ 03 ක් බිඳහෙලූ අතර දුෂ්මන්ත චමීර ලකුණු 63 කට කඩුළු 04 ක් බිඳ හෙලූවා.

ශ‍්‍රී ලංකාව පන්දුවාර 16 කදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ජයග‍්‍රාහි ඉලක්කය පසුකළා. එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 51 ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 56 ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required