/
/
title icon
පුත්තලමේ කපුටන් මරුට – පරීක්ෂණත් ඇරඹේ
පුත්තලමේ කපුටන් මරුට – පරීක්ෂණත් ඇරඹේ
Editor
1 year ago
Share:
පුත්තලමේ කපුටන් මරුට – පරීක්ෂණත් ඇරඹේ

පුත්තලම නගරය සහ ඒ අවට ප‍්‍රදේශවල කපුටන් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනාතවිල්ලූව පශු වෛද්‍ය කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ වනවිටත් මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් විමර්ශනය සඳහා හලාවත පශු වෛද්‍ය ඒකකය වෙත යොමුකිරීමට කටයුතු කර ඇති බවයි පශු වෛද්‍ය කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් විශාල ප‍්‍රමාණයක් මියගොස් සිටියදී පළමුවරට පෙරේදා සොයාගෙන තිබුණා.

අනතුරුව පුත්තලම – නෙඩුම්කුලම් ප‍්‍රදේශයෙන්ද මියගොස් සිටි කපුටන් 100 ක අධික සංඛ්‍යාවකගේ සොයා ගත්තා.

කපුටන් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ අනුවයි වනාත විල්ලූව පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් පැමිණ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required