
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.
ඒ, ඊට අදාළව අධිකරණ නියෝගයක්ද පැවති පසුබිමකයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප‍්‍රවේශ මාර්ගයන්හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබුණා.
එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙක්.
කෙසේ වෙතත් මෙම විරෝධතාවට අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා එක්ව සිටියේ නැහැ.
කෙසේ වෙතත්, ජාතික ජනබලවේගයේ විරෝධතාකරුවන් මැතිවරණ කොමිෂන් සභාව අසළ සරණ පාර අවහිර වන පරිදි විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.