
ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම ප‍්‍රමාද වුයේ තමන් විදේශගතව සිටීම නිසා බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අනිද්දා (10) සිට ක‍්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින්.
පසුගිය මස 16 වනදා තමන් සමඟ පත්වූ ආණ්ඩුකාරවරියක් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඉවත්කිරීමට කටයුතු කළ අවස්ථාවේ විදේශගතව සිටි බැවින් මීට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවයි ඔහු අදාළ ලිපියෙන් සදහන් කර ඇත්තේ.