/
/
title icon
ටෙලිකොම් කතා ගැන ආණ්ඩුවේ අවධානය
ටෙලිකොම් කතා ගැන ආණ්ඩුවේ අවධානය
Editor
1 year ago
Share:
ටෙලිකොම් කතා ගැන ආණ්ඩුවේ අවධානය

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ මෙම වාර්තාව මෙන්ම තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නිර්දේශ, සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී අවසන් තීරණයක් ගන්නා බවයි.

ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු නිරාවරණය වන බැවින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට, සිය කමිටුව නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ වාර්තාවෙන් දක්වා තිබුණා.

එම කාරක සභාව පෙන්වා දී ඇත්තේ ත‍්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට කුමන ආකාරයකින් හෝ උපකාර කළ කිසිවෙකුට, අසාදු ලේඛන ගත කළ සංවිධානයකට මෙහි කිසිදු කොටසක් මිලදී ගැනීමට සහ ජාතික වත්කම් පාලනයට ඉඩ ලබානොදිය යුතු බවයි.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ වාර්තාව කරුණු රැසකින් සමන්විත වුව ද අවධානය යොමුකර ඇති විෂය ක්ෂේත‍්‍රය පිළිබඳව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් පදනම් නොවී ඇති බවයි.

ජාතික ආරක්ෂාවට රජයේ මෙම ප‍්‍රතිපත්තිමය තීන්දුවෙන් බලපෑමක් එල්ල නොවන බවට වන තහවුරුව ද රජය සතු බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required