
මුල්ලේරියාව – හල්බරාව ප‍්‍රදේශයේදී වයස අවුරුදු 5 යි මාස 6 ක් වන පිරිමි දරුවාගේ මරණයට හේතුව තණකොළ කපන යන්ත‍්‍රයක තියුණු තලයක් උදරයේ වැදී සිදුවූ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. සිද්ධියට අදාලව 51 හැවිරිදි තණකොල කපන පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
බෝතල් කටු සහිත වීදුරු කැබලි සිරුරේ ඇනී රුධිරය ගලන තුවාල සහිතව මියගොස් සිටි මෙම කුඩා දරුවාගේ සිරුර මුල්ලේරියාව – හල්බරාව ප‍්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට තිබියදී සොයාගෙන තිබුණා. ඒ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි.
මියගිය දරුවාගේ මව – පියා වෙන්ව ජීවත්වන අතර ඇය දහවල් කාලයේ රැකියාවක් සඳහා පිටව යන බැවින් මිත්තනිය සහ සීයාගේ රැකවරණය යටතේයි දරුවා රැදීසිට ඇත්තේ.
ඔවුන් දෙදෙනා හදිසි අවමංගල්‍යකට ඊයේ සහභාගි වී ඇත්තේ දරුවා සැකකාර තණකොළ කපන පුද්ගලයා භාරයට පත් කරමින්.
පසුව මෙම පුද්ගලයා සිය මිදුලේ තබා තිබූ තණකොළ කපන යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කර ඇති අතර එය විසිවී ගොස් තලය අසල රැදී සිටි දරුවාගේ උදරයේ වැදී තිබෙනවා.
අසල තිබූ බෝතලයක් ද කැබලි වී දරුවාගේ සිරුරේ ගැටී ඇත්තේ එම අවස්ථාවේදී බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.