
කොරෝනා වෛරසය සහ ඩෙංගු ව්‍යාප්තිය කළමනාකරණය පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් අමාත්‍ය සහ විශේෂඥ කමිටුවක් නම් කර තිබෙනවා.
අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය කමිටුවේ සභාපතිත්වය දරණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, රටේ ආර්ථිකය මෙන්ම, අධ්‍යාපනය ද වැදගත් බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළේ කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්.