/
/
title icon
මහියංගන – හසලක මාර්ගයේ බස් රථයක් අනතුරෙන් සයමස් බිළිදෙකු මරුට – 24 කට තුවාල
මහියංගන – හසලක මාර්ගයේ බස් රථයක් අනතුරෙන් සයමස් බිළිදෙකු මරුට – 24 කට තුවාල
Editor
1 year ago
Share:
මහියංගන – හසලක මාර්ගයේ බස් රථයක් අනතුරෙන් සයමස් බිළිදෙකු මරුට – 24 කට තුවාල

මහියංගන – හසලක මාර්ගයේ 64 කණුව ප‍්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ කුඩා ප‍්‍රමාණයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් මාස 06 ක් වයසැති බිළිදෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හසලක පොලිසිය සඳහන් කළේ විනෝද චාරිකාවක ගොස් නැවත බිබිළ ප‍්‍රදේශයේ පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

බස් රථයේ තිරිංග එකවර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගය අසල තිබූ පස් කණ්ඩියක වැදී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ 29 දෙනෙකු ගමන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required