/
/
title icon
ඝාතනයකට ඇල්ලූ නාකොටික් 07 දෙනා රිමාන්ඩ්
ඝාතනයකට ඇල්ලූ නාකොටික් 07 දෙනා රිමාන්ඩ්
Editor
1 year ago
Share:
ඝාතනයකට ඇල්ලූ නාකොටික් 07 දෙනා රිමාන්ඩ්

වෘත්තිය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාරවරයෙකුගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 07 දෙනා මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු ඇතුළු හත්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

හික්කඩුව – තෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම පුද්ගලයා හෙරොයින් සන්තකයේ තබාගෙන ඇති බව පවසමින් අත්අඩංගුවට ගෙන තිබුණේ ජනවාරි මස 10 වනදායි.

එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී ඔහු එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු නොවන බවට තහවුරු වී තිබුණා.

කෙසේ වෙතත්, සැකකරුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී ඇතිවූ සිදුවීමකින් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය ප‍්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂාව සහ පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ මත පදනම්ව ඊට සම්බන්ධ නිලධාරින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required