
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා සහභාගිවීමට අද අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.
ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ අලුයම 3යි 15ට එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 649 දරන යානයෙන් ඩුබායි බලාගොස් එතැන් සිට වෙනත් යානයකින් සිම්බාබ්වේ බලා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යාමට නියමිත බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව නෙදර්ලන්ත සහ අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම් සමඟ පෙර පුහුණු වීමේ තරඟ දෙකකට සහභාගි වනු ඇති. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය යන රටවල් සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.
එම තරඟ සිම්බාබ්වේ හි බුලවායෝ සහ හරාරේ ක්‍රීඩාංගනවලදී පැවැත්වෙනු ඇති.
මෙම තරඟවලින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි වටයේ කණ්ඩායම් සමඟ තරග වැදීමට සුදුසුකම් ලබනු ඇති.