
දෙවන ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ ශූරයින් ලෙස අභිෂේක ලබන්නට ඔස්ට්‍රේලියාව අද සමත් වුණා.
ඒ, එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගයේ දී ඉන්දියාව ලකුණු 209 කින් පරාජයට පත්කරමින්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 469 ක්.
ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කිරීමට හැකිවුණේ, ලකුණු 296ක් පමණයි. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව කඩුළු 8ක් දැවී ලකුණු 270 ක් ලබා සිය ඉනිම අත්හිට වූයේ ජයග‍්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 444 ක ඉලක්කයක් හිමිකර දෙමින්.
කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායමට සියල්ලන් දැවී දෙවන ඉනිමට ලබා ගැනීමට හැකි වුණේ, ලකුණු 234 ක් පමණයි.