
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක රදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර මාර්ගයේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ එම අනතුර සිදුව ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කතිර්වේලු සුබ්‍රමනියම් නැමති 52 හැවිරිදි අයෙක්.
අද දින පාසල් ආරම්භයට පෙර පාසල පිරිසිදු කිරීම සඳහා සංවිධානය කර තිබු ශ්‍රමදානයක් සඳහා සහභාගී වීමට පාසලට පැමිණෙමින් සිටියදී ඔහු එම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවීමෙන් පසු දුම්රිය රියදුරන් එය නොදැක දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව, දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුවීම පිළිබඳ දැනුම් දී ඇති බව සඳහන්.
පසුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ඇති අතර, සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත්කර ගන්නා තුරු කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය පැය 2 හමාරක පමණ කාලයක් ප්‍රමාද වී තිබෙනවා.
එමෙන්ම, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය ද වටගොඩ දුම්රිය ස්ථානයේ පැය 3 හමාරක් පමණ නවතා තබා ඇති බවයි වාර්තා වන්නේ.