
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව සඳහන්.
දිගින් දිගටම කල්යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ලකුණක් හෝ දක්නට නොලැබෙන බැවින් ,නාමයෝජනා අවලංගු කර මැතිවරණය කැඳවූ පසුව නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බව උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ද පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව,පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදී එකඟතාවයකට
පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා අපේක්ෂකයන් 8,711 ක් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර,ඒ සඳහා අපේක්ෂකයින් 80,672 දෙනෙක් ඉදිරිපත් වුණා.