
කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද සිදුවූ අනතුරකින් එකම පවුලේ 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
අනතුරින් මියගොස් ඇත්තේ කොටවැල්ල ,රඹුක්කන ලිපිනයේ පදිංචි එකම පවුලේ පියා ,මව සහ පුතා බවයි වරකාපොල පොලිසිය කියා සිටියේ.
ඔවුන් ත්‍රීරෝද රථයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.
වරකාපොල – තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය එක්වරම මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ මංතීරුව දෙසට ගමන් කර කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වැලි පැටවූ ටිපර් රථයේ ගැටෙන ආකාරය ඒ අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබෙනවා.
අනතුර සිදුවූ ටිපර් රථයේ රියදුරු මේ වනවිට වරකාපොල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.