
මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද දිනයේදී ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
යූරියා මෙට්‍රික් ටොන් 22,500 ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා ඕමානයේ සිට දිවයිනට පැමිණි අතර, එම යූරියා පොහොර අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැරෙනු ඇති.
ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 5,000 ට වඩා අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා කියා සිටියේ.
මේ දිනවල පුද්ගලික අංශය මගින් යූරියා පොහොර මිටියක මිල ඉහළ දමා තිබුණද රජයක් ලෙස එහි මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගැටලුවකින් තොරව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සඳහන් කළා.
පසුගිය කාලසීමාවල ඉතා ඉහළ මිල ගණන් යටතේ පොහොර මිටියක් අලෙවි කිරීම සිදුකෙරුනු අතර රජය විසින් මේ වනවිට සහනදායී මිලක් යටතේ පොහොර ලබාදීමට පියවර ගෙන ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.