
හොරණ ප්‍රධාන පෙළේ පාසලක ගුරු විවේකාගාරය තුළ තිබූ ගුරුවරියකගේ අත්බෑගය කිසියම් පුද්ගලයකු සොරකම් කරගෙන ගොස් ඇති බව හොරණ පොලීසිය පවසනවා.
එම අත්බෑගය තුළ රුපියල් 120,000 ක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, රුපියල් 7,000 ක් පමණ වටිනා තවත් දුරකථනයක් මෙන්ම රුපියල් 6,000 ක මුදලක් තිබුණු බව ගුරුවරිය කරන ලද පැමිණිල්ලේ සඳහන්.
ඊයේ ළමයින්ගේ දෙමව්පියන් කැඳවා පාසලේ පිරිසිදු කිරීමේ කටයුතු කර ඇති අතර, එම කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා ගුරුවරිය 6 හා 7 ශ්‍රේණි සඳහා වෙන්කර ඇති ගුරු විවේකාගාරයේ මේසයක් මත සිය අත්බෑගය තබා පිටව ගොස් විනාඩි 50 ක පමණ කාලයකින් අනතුරුව නැවත පැමිණ පැමිණ බලනවිට එය නොමැති බව නිරීක්ෂණය කර තිබූ බව පැමිණිල්ලේ තවදුරටත් සඳහන්.
පසුව අනෙකුත් ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් දැනුවත් කර බෑගය පිළිබඳ සොයා බැලුවත් එය හමුනොවූ බැවින් මෙලෙස ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.