
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරඟයෙන් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුළු 03 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 45 යි පන්දු 3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 214 ක් රැස් කළා.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුළු 3 ක් දවා ගත්තා.
මහීෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුළු 2 බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37 යි එක් පන්දුවක් තුළ එම සීමාව පසුකර ගියේ කඩුළු 7 ක් පමණක් දැවී තිබියදීයි.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක නොදැවී ලකුණු 67 යි.
දිමුත් කරුණාරත්න ලකුණු 47 ක් රැස්කළා.