/
/
title icon
එළවළු මිල ඉහළට
එළවළු මිල ඉහළට
Editor
1 year ago
Share:
එළවළු මිල ඉහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් ඊයේ දිනයේත් ඉහළ අගයක් ගත්තා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය ප‍්‍රකාශ කළේ මැනිං වෙළඳපොලේ ඊයේ බෝංචි තොග මිල රුපියල් 450 ට ආසන්න වී තිබූ බවයි.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එම අගය රුපියල් 360 ත් 400 ත් අතර සටහන් වුණා.

කැප්පෙටිපොල සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවලද බෝංචි තොග මිල සටහන් වුණේ රුපියල් 380 ට ආසන්න මිලකයි.

කැරට් කිලෝග‍්‍රෑමයක තොග මිල මැනිං වෙළඳපොලේ රුපියල් 300 ත් 320 ත් අතර අගයක සටහන් වූ අතර, ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් මිල ගණන් රුපියල් 340 ට ආසන්න වී තිබුණා. ලීක්ස් රුපියල් 200 ත් 300 ත් අතර මිල ගණන්වලින් අලෙවි වූ බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය ප‍්‍රකාශ කළේ.

පහත රට එළවළු මිල සැළකීමේදී කරවිල, අමු මිරිස් මෙන්ම මාළු මිරිස්ද තවදුරටත් ඉහළ මිල ගණන්වලින් අලෙවි වුණා. මැනිං වෙළඳපොලේ කරවිල කිලෝග‍්‍රෑමයක තොග මිල ඊයේ සටහන් වුණේ රුපියල් 500 ට ආසන්න අගයකින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required