/
/
title icon
පොහොට්ටුවට ඇමතිකම් ගැන අලුත් ⁣බලාපොරොත්තුවක්
පොහොට්ටුවට ඇමතිකම් ගැන අලුත් ⁣බලාපොරොත්තුවක්
Editor
1 year ago
Share:
පොහොට්ටුවට ඇමතිකම් ගැන අලුත් ⁣බලාපොරොත්තුවක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත‍්‍රික් නායකයින්ට ජනපති විදෙස් සංචාරයෙන් පසු අමාත්‍ය ධුර පිරිනමනු ඇති බවට තමන් විශ්වාස කරන බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡුාවක් අද පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්.

ජනාධිපතිවරයා සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡුාවෙන් අනතුරුවයි මෙය කැඳවා ඇත්තේ. පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් ඊට පැමිණ සිටියා.

ජනාධිපතිවරයා සදුදා කැඳවා තිබූ සාකච්ඡුාව පොදුජන පෙරමුණේ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් පිරිසක් නොපැමිණ තිබුණේ වෙන් වෙන්ව සාකච්ඡා සඳහා කැඳවීම සිදුනොකර පක්ෂය හරහා අදාළ කැඳවීම් සිදුකළ යුතු බව සඳහන් කරමින්. ඉන්පසුවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයන් සමඟ ඊයේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

එහිදී රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට මෙතෙක් ලබාදුන් සහය ඉදිරියටත් ලබාදෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයාට සහතික වී තිබුණා.

මේ අතර, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත‍්‍රික් නායකයින් කැඳවා එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නෙලූම් මාවතේ පිහිටි එම පක්ෂයේ පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ සාකච්ඡුාවක් පවත්වනු ලැබුවා. ඒ සදහා සියලූම දිස්ත‍්‍රික් නායකයින් සම්බන්ධ වී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required