/
/
title icon
ඩොලරය ඉහළ පහළ යෑම ගැන බියවන්න එපා – ඇමති සියඹලාපිටිය
ඩොලරය ඉහළ පහළ යෑම ගැන බියවන්න එපා – ඇමති සියඹලාපිටිය
Editor
1 year ago
Share:
ඩොලරය ඉහළ පහළ යෑම ගැන බියවන්න එපා – ඇමති සියඹලාපිටිය

ඉල්ලූම සහ සැපයුම අතර පවතින වෙනස්කම් හේතුවෙන් ඩොලරය උච්චාවචනය සිදු වන බවත්, ඒ පිළිබඳව බියක් ඇති කර නොගත යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඩොලරයේ අගය අද දිනයේදී තවදුරටත් අවප‍්‍රමාණය වීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමුකළ ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාත අනුව රුපියල අද තවදුරටත් අවප‍්‍රමාණය වී තිබුණා. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335 ක් ලෙසයි. ගැණුම් මිල රුපියල් 315 ක් ලෙස දැක්වුණා.

එහෙත් ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 318 යි ශත 99 ක් ලෙස දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 303 යි ශත 19 ක් ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required