/
/
title icon
සයිබර් අපරාධකරුවන් 75 කට වැඩ වරදී
සයිබර් අපරාධකරුවන් 75 කට වැඩ වරදී
Editor
1 year ago
Share:
සයිබර් අපරාධකරුවන් 75 කට වැඩ වරදී

සයිබර් අපරාධ සම්බන්ධයෙන් වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි සදහන් කළේ, මෙම අපරාධ බෙහෝමයක් විදේශයීය කණ්ඩායම් විසින් මෙහෙයවන බවයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත‍්‍රණයක් නොමැති බවට ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදී අනාවරණ වී තිබුණා.

අදාළ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ‍ සහ දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් මෙම කාරක සභාව කටයුතු කරනවා.

මෙහිදී හෙළිවුණේ අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප‍්‍රමාණයක් ලබාගන්නා බවයි.

ඒ අනුව, එලෙස ව්‍යාපාර වල නිරතවන දේශීය සහ ජාත්‍යන්තර සමාගම් සඳහා සම ව්‍යාපාර පරිසරයක් ඇතිකිරීමේ අවශ්‍යතාව එහි දී අවධාරණය කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required