/
/
title icon
ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ වැඩ මාස 3 කින් අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ වැඩ මාස 3 කින් අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Editor
1 year ago
Share:
ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ වැඩ මාස 3 කින් අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

මෙරට සියලූ‍ සිසුන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභින්ට ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින්.

ලෝ ලෙවල් මාර්ගයේ ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ අලූත්වැඩියා කටයුතු කඩිනම් කර මාස තුනක් තුළ අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම ව්‍යාපෘතියේ සමාලෝචන රැස්වීම අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණේ ජනාධිපති කර්යාලයේදීයි.

2016 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය 2020 වසරේ අවසන් කිරීමට නියමිතව තිබුණත්, එය අවසන් නොකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය ප‍්‍රමාද වීමට බලපා ඇති කරුණු වෙන් වෙන්ව අධ්‍යයනය කරමින් මතුව ඇති ගැටලූ කඩිනමින් විසදීමට කටයුතු කරන ලෙස බලධාරින්ට දැනුම් දුන් ජනාධිපතිවරයා එම කටයුතු අඩාල වීමට ජනතා ගැටලූ බලපා ඇත්නම් ඒවා විසදා ගැනීමට මැදිහත්වන ලෙස ද ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියට උපදෙස් ලබාදී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required