
සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු බඹර කන්ද දිය ඇල්ලෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පේරාදෙණිය සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වල ඉංජිනේරු පීඨ සිසුන් දෙදෙනෙකු ඊයේ සියදිවි හානි කර ගත් පසුබිමක් තුලයි අද මෙම සිද්ධිය වාර්තා වුණේ.
අද දහවල් තවත් සිසුන් 4 දෙනෙකු සමග බඹර කන්ද ඇල්ල නැරඹීමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණ දී තිබුණා.
එහිදී ඇල්ල මුදුනේ සිටි 25 හැවිරිදි අදාළ සිසුවාගේ පය ලිස්සා ගොස් ඇල්ල පහළට ඇද වැටී තිබුණා. ඔහු බෙලිහුල්ඔය පදිංචි විද්‍යාපීඨයේ 3 වන වසරේ සිසුවෙක්.