
ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීවි රසායානාගාරයේ සිදු කෙරෙන පරික්ෂණ නතර කර ඒවා පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කර ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති රවි කුමුදේශ් පෙන්වා දෙන්නේ එම රසායානාගාරයේ පරික්ෂණ නතර කිරීම මගින් මසකට රුපියල් ලක්ෂ 300 ක පමණ පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කෙරෙන බවයි.
එලෙස යොමුකරන එක් පරීක්ෂණයක් සඳහා සියයට 20 සිට 30 දක්වා කොමිස් මුදලක් පෞද්ගලික රසායානාගාර මගින් ලබාදෙන බවද වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.