
ඉන්ධන මිල සංශෝධනය කරන දිනය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර මාසයේ පළමුවනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත්, අවසන් වරට මිල සංශෝධනයේදී දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දක්නට ලැබුණේ ප‍්‍රමාණවත් පරිදි තෙල් තොග පිරවුම්හල් හිමියන් විසින් තොග නොපවත්වා ගැනීම හේතුවෙන්.
ඊට හේතු වූයේ ඉන්ධන මිල සංශෝධනය කරන බැවින් පිරවුම්හල් හිමියන් විසින් ඇණවුම් නොකිරීමයි.
එලෙස අවම වශයෙන් ඉන්ධන තොග පවත්වා නොගත් පිරවුම්හල් කිහිපයක බලපත‍්‍ර අහෝසි කිරීමටද පියවර ගන්නා බවයි විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර එහිදී ප‍්‍රකාශ කළේ.
මේ අතර පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 41 ක ලාභයක් උපයාගැනීමටද සමත් වී තිබෙනවා.
මේ අතර, ප‍්‍රමාණවත් පරිදි ඔක්ටේන් 95 පෙට‍්‍රල් පවතින බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසනවා.
ලංකා අයි. ඕ.සී. සමාගමෙන් ඔක්ටේන් 95 පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 570 ක් මිලදී ගත් බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඔක්ටේන් 95 පෙට‍්‍රල් හිඟයක් පවතින බවට මීට පෙර වාර්තා වූ අතර, දින කිහිපයක සිට මෙම හිඟය පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් තොග නිසි පරිදි පවත්වා නොගැනීම එම හිඟයට හේතුවී ඇති බවට වාර්තා වුණා.
කෙසේ වෙතත්, මේ වනවිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් පවතින බවයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.