
පාන් රාත්තලක මිල රුපියල් 10 කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලත් රුපියල් 10 කින් අඩු කිරීමට තමන් බේකරි හිමියන්ට දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු පවසනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට බේකරි හිමියන් විසින් කටයුතු කරනු ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ තිිරිඟු පිටි අඩු කිරීමට පියවර ගතහොත් පමණක් සිය නිෂ්පාදන අඩුකළ හැකි බවයි.
එවන් පසුබිමක තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු විසින් අද ගැසට් නිවේදනයක්ද නිකුත් කළා.
ඒ අනුව යම් භාණ්ඩයක් නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කිරීමෙන් පසු එය අනිවාර්යයෙන්ම වෙළඳපොල තුළ හිඟයකින් තොරව පැවතිය යුතුයි.
යම් වෙළඳසැල් හිමියෙක් තොග සඟවා ගැනීමක් සිදුකළහොත් මෙම ගැසට් නිවේදනයට අනුව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා දඩ පැනවීමේ හැකියාවද පාරිභෝගික අධිකාරිය සතුව පවතිනවා.
දැනට එම නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට කිරි පිටි, ගෑස් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් ඇතුළත්.