මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් සියයට 92 ක් තීරු බදු වලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය රජය අවසර ලබාදී තිබෙනවා.
ඒ, අද සිට සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමත් සමගයි.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මේ හරහා බ්‍රිතාන්‍ය වෙළදපල තුල මෙරට නිෂ්පාදන සදහා වන තරගකාරීත්වය වැඩිවනු ඇති බවයි.
මෙම වෙළද යෝජනා ක‍්‍රමය හරහා බ්‍රිතාන්‍ය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65 කට තීරු බදු සහන සලසා දී තිබෙනවා.
පසුගිය වසරේ මෙම යෝජනා ක‍්‍රමය ප‍්‍රකාශයට පත් කළ අතර එහි නෛතික ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුවයි මෙලෙස බලාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත්තේ.
මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළඳපල බ්‍රිතාන්‍ය වන අතර දෙරට වෙළඳ සබදතා ශක්තිමත් කර ගැනීම පුළුල් කරගැනීම බ්‍රිතාන්‍යයේ අපේක්ෂාව බවයි.