/
/
title icon
ඇමති ප‍්‍රසන්න රණවීරගේ සපුගස්කන්දේ නිවසට ප‍්‍රහාරයක්
ඇමති ප‍්‍රසන්න රණවීරගේ සපුගස්කන්දේ නිවසට ප‍්‍රහාරයක්
Editor
1 year ago
Share:
ඇමති ප‍්‍රසන්න රණවීරගේ සපුගස්කන්දේ නිවසට ප‍්‍රහාරයක්

රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීරට අයත් සපුගස්කන්දේ පිහිටි නිවසට කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.

ඊයේ රාත‍්‍රී 11 ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීරද සපුගස්කන්දේ සිය නිවසට ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවත්, නිවසේ දේපළවලට ඉන් අලාභහානි සිදුකර ඇති බවත් තහවුරු කළා.
රාජ්‍ය අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයින් සමඟ පදිංචිව සිටින්නේ ඔහුට අයත් මාලඹේ පිහිටි නිවසේයි. සපුගස්කන්දේ පිහිටි නිවසේ ඊයේ පස්වරුවේ සිට රැඳී සිටි අමාත්‍යවරයා රාත‍්‍රී 9ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා.

එලෙස පිටත්ව ගොස් පැය දෙකකට පමණ පසුවයි මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required