
ලබන ජනවාරි මාසයේදී විදුලි ගාස්තුවේ සැලකිය යුතු සහනයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ලබන මාසයේදී සිදුකරන සංශෝධනයේදීද සියයට 27 ක ප‍්‍රතිශතයකින් විදුලි බිල අඩුකිරීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා හැටන් ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීමට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩලයේ සියලූ වෘත්තීය සමිති එක්ව අනිද්දා ලෙඩ නිවාඩු වාර්තා කිරීමට සූදානම් වනවා.