
මී උණ රෝගය හා සමාන මිලියොයිඩෝසිස් හෙවත් පාංශු උණ රෝගය දිවයිනේ පළාත් කිහිපයක මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මහාචාර්ය ඉනෝකා කොරෙයා කියා සිටියේ මෙම රෝගී තත්ත්වය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්, වයඹ පළාතේ පුත්තලම, කුරුණෑගල දිස්ත‍්‍රික්කවලින් මෙන්ම දකුණු පළාතෙන් ද වාර්තා වන බවයි.