
අද මධ්‍යම රාත‍්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.
ඉදිරි දින දෙක තුළ පාන් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කිරීමට තමන් බේකරි හිමියන්ට දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු ප්‍රකාශ කළේ පෙරේදා දිනයේදීයි.
ඒ අනුව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි.
මේ අතර මෙලෙස අඩුවන පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් වෙළඳසැලේ ප‍්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියා. එසේ නොකරන වෙළඳුන්ට නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාන් ගෙඩියක් ග‍්‍රෑම් 450 ක නිසි බරින් යුතුව පාරිභෝගිකයාට ලබාදීමට බේකරි හිමියන් කටයුතු කළ යුතු බවයි.