
අත්ලාන්තික් සාගරයේ ගිලූණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන්වූ සබ්මැරීනයේ පාකිස්ථානයේ ධන කුවේරයෙකු වන ෂෂාඩා ඩවුඩ් සහ ඔහුගේ පුත‍්‍රයාද සිටින බව අනාවරණ වී තිබෙනවා.
එසේම බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරිකයෙකු හා ගවේෂකයෙකු වන 58 හැවිරිදි හේමිෂ් ගාඩින්ග්, සබ්මැරිනය අයත් ඕෂන්ගේට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා සහ නියමුවාද අතුරුදන් වූ පිරිසට අයත්.
මොවුන් කැනඩාවේ ශාන්ත ජෝන්ස් ප‍්‍රදේශයේ සිට ගිණිකොණ දෙසින් මීටර 3,800 ක ගැඹුරින් යුත් මුහුදු පතුලේ පවතින 1912 වර්ෂයේදී ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් තිබුණේ පෙරේදා දිනයේදියි.
රටවල් කිහිපයක සහභාගීත්වයෙන් සබ්මැරිනය සොයා මෙහෙයුම් සිදුකරන නමුත්, ඒ සම්බන්ධයෙන් තොරතුරක් මෙතෙක් වාර්තාවී නැහැ.
අද දහවල් සිට තවත් දින හතරකට සබ්මැරීනයේ රැඳී සිටීමට ඔක්සිජන් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.