/
/
title icon
සද්ධාරතන හිමි සහ නතාෂා යළි රිමාන්ඩ් – බෲනෝට ඇප
සද්ධාරතන හිමි සහ නතාෂා යළි රිමාන්ඩ් – බෲනෝට ඇප
Editor
1 year ago
Share:
සද්ධාරතන හිමි සහ නතාෂා යළි රිමාන්ඩ් – බෲනෝට ඇප

බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප‍්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කළේ ඇය සිදුකළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින්.

එමෙන්ම, ඇයගේ ප‍්‍රකාශය යූටියුබ් නාලිකාවකින් ප‍්‍රචාරය කළ බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළා.

ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මතයි.

එමෙන්ම ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කළ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් ද ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required