
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දු අභියාචනාධිකරණයේ ගොනුකළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.
ඒ, එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි.
එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව ඊට අවසර ලබාදෙන බව අභියාචනාධිකරණය සඳහන් කළා.
දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ පරීක්ෂණ සිදු කරන බැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කරන ලෙසයි රජයේ නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ.