
මිල අධික වීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීමේ සහ අලෙවියේ පහත වැටීමක් දක්නට ලැබෙන බව ව්‍යාපාරිකයින් සහ ගොවීන් පවසනවා.
ආර්ථික මධ්‍යස්ථානයට යම් ප‍්‍රමාණයකට එළවළු තොග ලැබුණ ද ඒවායේ තොග මිල පෙර දිනවලට වඩා ඉහළ අගයක පවතින බවයි වාර්තා වන්නේ.
අද උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 200 ත් 280 ත් අතර මිලකට අලෙවි වූ අතර, මිරිස් කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 600 ත් 650 ත් අතරයි.
පසුගිය දිනවල රුපියල් 50 ට අලෙවි වූ කැකිරි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 100 දක්වා වැඩි වී තිබෙනවා.