/
/
title icon
වෘත්තීය පුහුණු නිලධාරියාගේ මරණයට ඇල්ලූ නාකොටික් හත්දෙනා යළි රිමාන්ඩ්
වෘත්තීය පුහුණු නිලධාරියාගේ මරණයට ඇල්ලූ නාකොටික් හත්දෙනා යළි රිමාන්ඩ්
Editor
1 year ago
Share:
වෘත්තීය පුහුණු නිලධාරියාගේ මරණයට ඇල්ලූ නාකොටික් හත්දෙනා යළි රිමාන්ඩ්

නාරාහේන්පිට වෘත්තිය පුහුණු අධිකාරියේ කළමනාකාරණ සහකාරවරයාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හත්දෙනා ලබන මස හත්වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සියයට 90 ක්ම මේ වනවිට අවසන් කර ඇති බවයි.

එමෙන්ම, සිද්ධිය වූ දිනයේ අදාළ නිලධාරීන්ගේ ජංගම දුරකථන දත්ත වාර්තා විශ්ලේෂනය කළ බවත්, එහිදී ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

වෘත්තිය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගෙන පැය හතරයි විනාඩි විසි පහක් තුළ මරණය සිදුව ඇති බවට අනාවරණ වී ඇති බවත් සිදුවීම වූ ස්ථානය වෙනස් කර පෙන්වීමට උත්සහ දරා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.

අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් හත්දෙනාට අධිචෝදනා ගොනු කිරීමට හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

පසුගිය ජනවාරි මස 10 වනදා නාරාහේන්පිට ප‍්‍රදේශයේදී වෘත්තිය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් ග‍්‍රෑම් 15 ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව ඇතිවූ සිද්ධියකින් කළමනාකාර සහකාරවරයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required