
මන්නාරම – සිලාවතුර – ව්‍යාධිකුලම් වැව් රක්ෂිතයේ දඩයක්කරුවන් පිරිසක් සහ වනජීවීන් නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. ඉන් දඩයමේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
දඩයක්කරුවන් මස් තොගයක් රැගෙන යතුරුපැදිවලින් ගමන් කරමින් සිටින අවස්ථාවේ වනජීවී නිලධාරීන්ට හමුවී තිබෙනවා.
එහිදී දඩයක්කරුවන් වනජීවී නිලධාරීන්ට වෙඩි තබා යතුරුපැදිවලින් යටකර පළා යාමට උත්සාහ කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී වනජීවී නිලධාරීන් දඩයක්කරුවන්ට වෙඩි තබා තිබෙනවා. එම වෙඩි ප‍්‍රහාරයෙන් දඩයක්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.