
අවිස්සාවේල්ල – කැළණි ගඟට මායිම්ව හෝටලයක් තුළ රහසිගතව සංවිධාන කර තිබූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තිබෙනවා. ඊට සහභාගිවූ පුද්ගලයන් 12 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම හෝටලය වෙත ළඟාවීමට කැළෑබද මාර්ගයක් ඇති අතර, එම මාර්ගයද සාදයට සහභාගි වූවන් විසින් ලී කොට දමා අවහිර කර තිබුණා. හෝටලය තුළ සිදුවන කාර්යය බැලූ බැල්මට පිටතට නොපෙනෙන සේ අවට ප‍්‍රදේශයද ආවරණය කර තිබූ බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ, පන්නිපිටිය සහ අවිස්සාවේල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
සාදයට සහභාගිවීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් හාරදහසකට ආසන්න මුදලක් අය කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.