
අස්වැසුම ප‍්‍රතිලාභීන් තෝරාගැනීම සදහා විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය ජූලි 10 වනදා දක්වා දීර්ඝ කරන බව අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප‍්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ සීතාවක ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.
මේ අතර අස්වැසුම සහන යෝජනා ක‍්‍රමය යටතේ වකුගඩු, වැඩිහිටි, සහ අබාධිත තැනැත්තන්ගේ ආධාර ලබන ලැයිස්තුව ලබන සතිය ප‍්‍රසිද්ධියට පත් කරන බව මුදල් අමාත්‍යාංශයේ සුභසාධන ප‍්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පෙන්වා දෙන්නේ ඉදිරිපත්ව ඇති නාම ලේඛණවලට අභියාචනා සහ විරෝධතා ඉදිරිපත්ව ඒවා සලකා බැලිමෙන් පසු සුභසාධක අවසන් ප‍්‍රතිලාභි ලැයිස්තුව ඉදිරිපත් කෙරෙන බවයි. කොස්ගම ප‍්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.