
ගාලූමුවදොර පිටියේ සැරිසන යාචකයින්ගෙන් ජනතාවට සිදුවන හිරිහැර මැඩලීම සඳහා කොළඹ වරාය සහ පොලිසිය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
දැනට යාචකයින් 150 ක් පමණ එහි සිඟමන් යැදීම හේතුවෙන් පැමිණෙන ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවටයි වාර්තා වන්නේ.
ඊට පිළියමක් ලෙස එම යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇති බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සඳහන් කළා.
ඔවුන් ස්ථානගත කිරීමේදී අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාරපාන සැපයීම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදුකරනු ලබනවා.