/
/
title icon
කළුතර ගුරුවරුන් උසස් පෙළ උත්තර පත්‍ර බැලීම පසෙක දමා අත්තිකාරම් ඉල්ලා විරෝධයේ
කළුතර ගුරුවරුන් උසස් පෙළ උත්තර පත්‍ර බැලීම පසෙක දමා අත්තිකාරම් ඉල්ලා විරෝධයේ
Editor
1 year ago
Share:
කළුතර ගුරුවරුන් උසස් පෙළ උත්තර පත්‍ර බැලීම පසෙක දමා අත්තිකාරම් ඉල්ලා විරෝධයේ

උසස් පෙල විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300 ක් පමණ අද සිය කටයුතුවලින් ඉවත්ව කළුතර බාලිකා විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ, රජය මගින් පොරොන්දු වූ අත්තිකාරම් මුදල් ලබානොදීමට විරෝධය පළ කරමින්.

දින 12 කට පෙරම මුදල් භාරගත් බවට අත්සන් ලබාගත් බවයි ගුරුවරුන් කියා සිටියේ.

පසුගිය උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට රුපියල් 3,000 ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වූවත්, අදට දින 12 ගතව ඇති නමුත් එය ලබාදී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

එහෙත් මුදල් බැරකළ බවට මැසේජ් එකක් දමා ඇතත්, මෙතෙක් කිසිදු ගූරුවරයකුට මුදල් ලැබී නොමැති බැවින් මුදල් ලැබීමෙන් පසු නැවත උත්තර පත්‍ර පරීක්ෂා කරන බවයි ඔවුන් කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required