
අඛණ්ඩව හතරවන වරටත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ලබන මස මුලදී පහත දමන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව ඉදිරියේදී නව මිල ගණන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.
පසුගිය පස්වනදා ලිට්රෝ සමාගම විසින් කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ අතර, ඒ අනුව මේ වනවිට එය රුපියල් 3,186 කට අලෙවි වනවා.
එමෙන්ම එදින කිලෝග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩුවූ අතර එය රුපියල් 1,281 මිලකට මේ වනවිට අලෙවි වනවා. එහිදී කිිලෝග‍්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 83 කින් අඩු කෙරුණා.
මේ අතර, ජුලි පළමුවනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ණයපත් සඳහා අය කරනු පොලී අනුපාතික පහළ දැමීමට මෙරට වාණිජ බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙතෙක් සියයට 36 ක් ලෙස පැවති වාර්ෂික පොළි අනුපාතිකය සියයට 34 ක් දක්වා අඩු කරනු ලබන බවයි එම බැංකු සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත්තේ.